මැතිවරණ කාලසීමාවක් තුළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට කාලයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හඟුරන්කෙත මාදවෙල රජමහා විහාරයේ රන් පත්තිරුවට අත්සන් තැබීමේ උත්සවයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා.
තමාට 18 වන ව්‍යවස්ථාවේ ඇති හානියක් පිළිබඳව නොපෙනුන බවත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පරක්කු වී හෝ තේරුම් යෑම පිළිබඳ තමා ජනාධිපතිවරයාට ස්තූතිවන්ත වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.
තවත් මාස 4 කින් මැතිවරණයක් පවත්වන අතර එවැනි තත්ත්වයක් තුළ අත්හදා බැලීමට තරම් කාලයක් නොමැති බව විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියා.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් ගෙන ව්‍යවස්ථාව වෙනස් කළ යුතු අතර එසේ නොමැතිව කිසිවක් පවසා වැඩක් නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.