News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ඉතිහාසයේ සිදුකළ විශාලතම සම්පූර්ණ ක්‍රියාවලියම සහිත නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

1753 Views


ඉතිහාසයේ සිදුකළ විශාලතම සම්පූර්ණ ක්‍රියාවලියම සහිත නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වටලයි

විනාකිරි නිෂ්පාදනාගරයක් මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් පෙරීමේ ස්කාගාරයක් පොලිස් විශේෂ කාර්ය බලකාය හා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව වටලා තිබෙනවා.

එය මෑතකාලීන සුරාබදු ඉතිහාසයේ සිදුකළ විශාලතම සම්පූර්ණ ක්‍රියාවලියම සහිත නීති විරෝධී මත්පැන් ස්කාගාර වැටලීම බව වාර්තා වනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලුතර හීනැටියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ස්කාගාරය ඊයේ රාත්‍රියේ වටලනු ලැබුවේ එම නිලධාරීන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ කලුතර ඒකකයේ නිලධාරීන් හා කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන්ද සමගින්.

මෙහිදී සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ විනාකිරි නිෂ්පාදනය කරන මුවාවෙන් කලක පටන් මෙම ස්ථානයේ නීති විරෝධී අයුරින් මැත්පැන් ස්ප්‍රීත්තු නිෂ්පාදනය කර ඇති බවයි.

මෙහි තිබී රා නිෂ්පානයට යොදා ගන්නා ගෝඩා ලීටර් එක්ලක්ෂ පනස්දහසක් පමණ සොයාගෙන ඇති බවත් ඒවායේ ඇල්කොහොල් ප්‍රමාණය සියයට අනූවක් පමණ වන බවත් සුරාබදු නිලධාරීන් පැවසුවා.

එම ක්‍රියාවලිය සඳහා මෙම ස්ථානයේ යොදා ගත් විශාල යන්තෝපකරණ රැසක්ද මෙහිදී සුරාබදු නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post