News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ඉරාන නායකයාට ජනපති ට්‍රම්ප් සම්බාධක පනවයි

809 Views


ඉරාන නායකයාට ජනපති  ට්‍රම්ප් සම්බාධක  පනවයි

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට එරෙහිව අමෙරිකාව මගින් සම්බාධක පනවා තිබෙන බව විදෙස් වාර්තා පවසනවා. ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් මෙලෙස මෙම නව සම්බාධක ප‍්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ. අමෙරිකාවට අයත් නියමුවන් රහිත ගුවන් යානයක් ඉරානය ඉකුත් දා බිම හෙලූ අතර ඊට ප‍්‍රතිචාර ලෙස ජනාධිපති ට‍්‍රම්ප් මෙම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
නියමුවන් රහිත ගුවන් යානයක් ඉරානය ඉකුත් දා බිම හෙලූ අතර ඊට ප‍්‍රතිචාර ලෙසයි ජනාධිපති ට‍්‍රම්ප්, ඉරානයට එරෙහිව මෙලෙස නව සම්බාධක පනවා ඇත්තේ. ඒ අනුව ඉරානයේ උත්තරීතර නායකයාට හිමි කාර්යාලයක් හෝ වත්කම් කිසිවක් ඉතිරි නොකරන බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණය හරහා ඉරානය උදහසට ලක් කර ඇති බවයි පැවසෙන්නේ. ඒ අනුව සිය රටට එරෙහිව එල්ල වූ සම්බාධකවලට ප‍්‍රතිචාර දක්වමින් ඉරානය පවසන්නේ අමෙරිකාව යුද පිපාසයෙන් පෙළෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post