News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

524 Views


දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බදුල්ල, මඩකළපුව සහ අම්පාර දිස්ත‍්‍රික්කවල පස්වරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟු‍රුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප‍්‍රදේශ විටින් විට රලූ විය හැකියි.

මීගමුව සිට පුත්තල මන්නාරම හරහා කන්කසක්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝ මීටර 50 දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ධීවර හා නාවික ප‍්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post