News Line| Off Air
Generic placeholder image

Jun
25

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සඳහා සමීක්ෂණයක්

592 Views


පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් සිදු වූ හානිය තක්සේරු කිරීමට සඳහා සමීක්ෂණයක්

පාස්කු ඉරුදින ප‍්‍රහාරය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවූ ආර්ථික හානිය තක්සේරු කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වීමට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම සමීක්ෂණය දිස්ත‍්‍රික් මට්ටමින් සිදුකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් හානි සිදු වූ ආයතන, වාහන, ගොඩනැගිලි, යන්ත‍්‍ර සුත‍්‍ර ආදිය පිළිබඳවද මෙහිදී තොරතුරු රැස් කිරීමට නියමිතයි.
ආර්ථික අපහසුතාවයට පත්වූ සේවක සංඛ්‍යාව 10ට අඩු වෙළඳ හා සේවා ආයතන, මගී ප‍්‍රවාහනය, භාණ්ඩ ප‍්‍රවාහනය, පුපුරණ ද්‍රව්‍ය ආශ‍්‍රිත කර්මාන්ත, ධීවර කටයුතු ආදිය පිළිබඳව ද මෙහිදී සමීක්ෂණය කරන බවයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post