News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව අද කැබිනට් මණ්ඩලය හමුවට

613 Views


මඩකලපුව විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව අද කැබිනට් මණ්ඩලය හමුවට

මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය පිළිබද නිර්දේශ ඇතුළත් වාර්තාව අද රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා.
එම විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 21 වනදායි.
එම වාර්තාවේ පිටපතක් ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කළ බවයි මන්ත‍්‍රීවරයා සදහන් කළේ.
මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය හදිසි නීතිය යටතේ රජයට පවරා ගැනීමට කිසිඳු බාධාවක් නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා සඳහන් කළා.
මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනය රජයට පවරා ගැනීම පිළිබදව තීරණය කල යුත්තේ කැබිනට් මණ්ඩලය බව උසස් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා පවසනවා.
සියත ප‍්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා සදහන් කලේ හදිසී නිතිය යටතේ එය ආණ්ඩුවට පවරා ගත හැකි බවයි.
මඩකලපුව විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සදහා නීතියෙන් ඉඩක් නොමැති බව නැගෙනහිර පළාත් හිටපු ආන්ඩුකාර එම්. එල්.ඒ. එම් හිස්බුල්ලා මහතා පසුගියදා සදහන් කලා.
අමාත්‍ය මණ්ඩලය අද පෙරවරුවේ රැස් වන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.


News Articles
Latest Videos
Most Popular Post