News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

ශකිබ් බංගලාදේශය තරගාවලියේ ඉදිරියට ගෙන යයි

1807 Views


ශකිබ් බංගලාදේශය තරගාවලියේ ඉදිරියට ගෙන යයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය අතර පැවැති තරගයෙන් ලකුණු 62 ක ජයක් ලැබීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.

එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 262ක් රැස් කිරීමට සමත්වුණ අතර එම ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 47ක් අවසානයේ සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 200ක් පමණි .

මෙම තරගයේදී තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ බංග්ලාදේශ කී‍්‍රඩක ශකීබ් අල් හසන් ලකුණු 51ක් සහ කඩුලූ 5ක් දවා ගැනීමට සමත්වුණේ බංග්ලාදේශ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත් වෙමින්. ලෝක කුසලාන තරගයක කඩුලූ 5ක් සහ අර්ධ ශතකයක් වාර්තා කළ දෙවන කී‍්‍රඩකයා ලෙස ද ඔහු මෙම තරගයේදී වාර්තා පොත් අතරට එක්වුණා.ලෝක කුසලාන තරගයක කඩුලූ 5ක් දවා ගත් පළමු බංග්ලාදේශ පන්දු යවන්නා වන්නේද ශකීබ් අල් හසන්.

ඔහු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී තරග 6කට කී‍්‍රඩා කරමින් ලකුණු 476 ක් රැස්කර සිටින අතර දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 10ක් බව වාර්තා වෙනවා.
ඒ අනුව බංගලාදේශ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසද ලකුණු සටහනේ 5 වන ස්ථානයට පත්ව තිබෙනවා. එම නිසා ශ්‍රි ලංකා කණ්ඩායම 06 ස්ථානයේ පසුවෙයි.


News Articles
Latest Videos
Most Popular Post