News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් හොද සුදානමකින්

1034 Views


ඉදිරි තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වඩාත් හොද සුදානමකින්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන ඉදිරි තරග සඳහා හොඳ සුදානමකින් යුක්ත බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පවසනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් මේ වන විට මෙම තරග පවත්වන තනතීරු සඳහා හැඩ ගැසී ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවාගේ සිට 6 වෙනි පිතිකරුවා දක්වා ලකුණු අතරට පැමිණ තිබෙන බවයි ඒ මහතා පවසන්නේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ගත හැකි අතර එහිදී හොඳ ලකුණු සංඛ්‍යාවත් අතරට පැමිණීමේ හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් වීමද තරග ජය ගැනීම සදහා ප්‍රධාන සාධකයක් බවද ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post