News Line| Off Air
Generic placeholder image

Jun
26

ඕස්ටේ‍්‍රලියාව එංගලන්තයට අවදානම තවත් වැඩි කරයි

530 Views


ඕස්ටේ‍්‍රලියාව එංගලන්තයට  අවදානම තවත් වැඩි කරයි

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (25) පැවති සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර තරගයෙන් ඕස්ටේ‍්‍රලියාව ජය වාර්තා කළා. ඒ, සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 64 කින් පරාජයට පත් කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියානු පිළ පන්දුවාර 50 තුළ කඩුළු 07 ක් දැවී ලකුණු 285 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගන්ත කණ්ඩායමට පන්දුවාර 44 යි පන්දු 4 කදී සියළු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 221 ක් පමණයි.

ඒ අනුව මෙම ජයග‍්‍රහණයත් සමග ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා.

එංගලන්ත කණ්ඩායම මෙම පරාජයත් සමග පසුවන්නේ එහි සිව් වන ස්ථානයේයි. ඒ අනුව එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ඉදිරියේදී පැවැත්වෙන තරග ජය ගැනීම අත්‍යවශය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post