News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

කසල තේ සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

937 Views


කසල තේ සමග සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට

ගෙලිඔය ප‍්‍රදේශයේ සිට පෑලියගොඩ දක්වා කන්ටේනර් රථ දෙකක් මාර්ගයෙන් ප‍්‍රවාහනය කරමින් තිබියදී කසල තේ කිලෝග‍්‍රෑම් 12,000 ක් සමග සැකකරුවන් පස් දෙනෙකු යටියන්තොටදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යටියන්තොට පොලිස් මාර්ග බාධකයේදී එම කන්ටේනර් රථ දෙක පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කසල තේ තොගය සොයා ගනු ලැබුවා.

පොලිස් භාරයට ගැණුනු මෙම එක් කන්ටේනර් රථයක් 2018 වසරේද කසල තේ සමග අත්අඩංගුවට පත් වූ රථයක් බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී වුනේ.


News Articles
Latest Videos
Most Popular Post