News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නෑ

742 Views


මඩකලපුව විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නෑ

මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය පිළිබඳ නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බව වාර්තා වනවා.
ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙකු කියා සිටියේ එය ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොවූ බවයි.
වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආශු මාරසිංහ මහතා කියා සිටියා.
එම විශ්ව විද්‍යාලය පිළිබඳ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 21 වනදායි.
එම වාර්තාවේ පිටපතක් නීතිපති දෙපාර්තමේන්තුවට ද යොමු කර තිබෙනවා.
මඩකලපුව උසස් අධ්‍යාපන ආයතනය රජයට පවරා ගැනීම පිළිබදව තීරණය කල යුත්තේ කැබිනට් මණ්ඩලය බවයි උසස් අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබද පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post