News Line| Off Air
Generic placeholder image

Jun
26

රාජ්‍ය නිලධාරීන්ට ඇඳුම් පිලිබද චක්‍රලේඛයක්

786 Views


රාජ්‍ය නිලධාරීන්ට ඇඳුම් පිලිබද චක්‍රලේඛයක්

මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ඇඳුමක් ඇඳිය හැකි බවට විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා.

රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ආයතන සංග්‍රහය මඟින් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛනයක් පසුගිය මැයි මස 29 වන දින නිකුත් කරනු ලැබුවා.

එසේ වුවත් එම චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන විෂය බාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති විවිධ නියෝජනයන් අනුව චක්‍රලේඛනය සංශෝධනය කිරීමට යෝජනා වී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළට පැමිණිමේ දී පිරිමි නිලධාරින් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී සිටිය යුතු බව සදහන් වනවා.

තවද සෑම විටම නිලධාරිනියගේ මුහුණ නිරාවරණය වී තිබිය යුතු අතර, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතු බවත් යන විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, අපාදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇති බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post