කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිසේරියන් සැත්කම් අතරතුරදී කාන්තාවන් වන්ද්‍යකරණයට ලක් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව හෙට (27) කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතව තිබෙන බව සදහන්.
එමෙන්ම කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාක්‍ෂි අනුව සකස් කළ වාර්තාවක් ද රෝහල් අධ්‍යක්‍ෂවරයා වෙත භාරදී ඇතැයි වාර්තා වනවා.
එම වාර්තාව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් සකසා තිබෙන අතර වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනස් දෙනෙකුගේ පමණ සාක්‍ෂි ඊට ඇතුළත් වන බවයි පැවසෙන්නේ.