News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

සංවර්ධනයට වාහන තදබදය ලොකු බාධාවක් – චම්පික කියයි

760 Views


සංවර්ධනයට වාහන තදබදය ලොකු බාධාවක් – චම්පික කියයි

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ලොකුම බාධාව උග‍්‍ර වාහන තදබදය බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ පානදුර ආතර් වී දියෙස් නාගරික උද්‍යානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්. එදා සිට ශ‍්‍රී ලංකාවේ පාලකයින් විශේෂයෙන්ම අධිවේගී මාර්ගවලට, ගුවන් පාලම්වලට අතිවිශාල උනන්දුවක් දැක්වූ නිසාම ඔවුන් ඒ සඳහා අතිවිශාල මුදලක් යට කළද රටේ මාර්ග තදබදය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට සමත් වී නොමැති බව කවුරුත් දන්නා කරුණක් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
රජයෙන් අධිවේගී මාර්ගවලට වියදම් කරන මුදලින් 1%ක් පොදු ප‍්‍රවාහනය වර්ධනය කිරීමට යොදා ගත්තේනම් මහාමාර්ග තදබදය පිළිබඳ අර්බුදය බොහෝ දුරට විසඳා ගැනීමට හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post