News Line| Off Air
Generic placeholder image

Jun
26

හමුදාපති සහ බදියුදීන් විශේෂ කාරක සභාව හමුවේ අද

508 Views


හමුදාපති සහ බදියුදීන් විශේෂ කාරක සභාව හමුවේ අද

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද දිනයේ කැදවීමට නියමිත බව එම කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසනවා.

විශේෂ කාරක සභාව අද (26) පස්වරුවේ යළි රැස් වෙන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා අද විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට නියමිත බව ද නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සදහන් කළා.
එමෙන්ම අවසන් වාර්තාව එළඹෙන ජූලි මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය කථානායක පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post