ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට නිකුත් කර තිබෙනවා.
ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්නගේ අත්සනින් යුතුව 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතෙහි දෙවැනි වගන්තියට ප්‍රකාරව මෙම විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කිරීමෙන් පසු යම් සේවකයෙකු වැඩ වර්ජනයක නිරත වුවහොත් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.