වැටුප් විෂමතා ඇතුළු තම ගැටළුවලට මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් දුමිරිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න මහතා පැවසුවේ කුමන බලපෑම් එල්ල වුවද අද මධ්‍යම රාත්රියේ සිට යළි වැඩවර්ජනයක් සිදු කරන බවයි. මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් ඉකුත් සතියේ පැය 48ක සංකේත වැඩවර්ජනයක් ද දියත් කළා. ඉන් පසුව වෘත්තීය සමිති පැවසුවේ සිය ඉල්ලීම් ලැබෙන තෙක් සෑම බ‍්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත‍්‍රී 12 සිට පැය 24ක වර්ජනයක් ක‍්‍රියාත්මක කරන බවයි.
එහෙත් දුම්රිය, අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට සූදානම් බව ප‍්‍රවාහන අමාත්‍යංශය ඊයේ (26) ප‍්‍රකාශ කළා. එවන් තත්වයක් තුළ අද මධ්‍යම රාත්රියේ සිට වැඩවර්ජනය සිදු කරන්නේදැයි දුම්රිය වෘත්තීය සමිතිවලින් විමසා සිටි අවස්ථාවේ ඔවුන් කියා සිටියේ රජය විසින් තමන් වෙත බොරු පොරොන්දු ලබා දෙමින් ජනතාව අපහසුතාවයට පත් කරමින් සිටින බැවින් සිය වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
මෙලෙස ජනතාව පිඩාවට පත් කරමින් වැඩවර්ජනය සිදු කරන නිසා මීට මුහුණ දීම සදහා රජය දුම්රිය විශ‍්‍රාමික සහ කොන්ත‍්‍රාත් සේවකයින්, සේවයට කැඳවන බවද එමෙන්ම දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සදහා සියලු කටයුතු සිදු කරමින් පවතින බවද ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් පැවසුවා.