News Line| Off Air
Generic placeholder image

Jun
27

අපරාජිත නවසීලන්තය පරාජිත කරමින් පකිස්තානය තවදුරටත් තරගාවලියේ

861 Views


අපරාජිත  නවසීලන්තය පරාජිත කරමින් පකිස්තානය තවදුරටත් තරගාවලියේ

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නවසීලන්තය හා පකිස්තානය අතර පැවති තරගයෙන් පකිස්තාන කණ්ඩායම ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු නංවා ගැනීමට ඊයේ සමත් වුණා. ඒ, නවසීලන්තයට එරෙහි තීරණාත්මක තරගය කඩුලූ 06කින් ජය ගනිමින්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලූ 06කට ලකුණු 237ක් රැස් කළා. පන්දු  යැවීමේදී පාකිස්තාන වේග පන්දු යවන්නන්ගෙන් නවසීලන්ත පිතිකරුවන්ට ප‍්‍රබල අභියෝගයක් එල්ල වූ අතර පන්දු යැවීමේදී සහීන් ෂා අෆ්රිඩි ලකුණු 28කට කඩුලූ 03ක් බිඳ හෙලිමට සමත් වුණා.
ලකුණු 83කට කඩුලු 05 ක් බිද වැටි තිබියදී 06වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 132ක සබඳතාවක් ගොඩනැගීමට නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ජේම්ස් නීසන් සහ කොලින් ඩි ග‍්‍රෑන්ඞ්හෝම් සමත් වුණා. ජේම්ස් නීසන් එහිදී නොදැවී ලකුණු 97ක් රැස් කිරීමට සමත් වූ අතර පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ පාකිස්තානය සිය ජයග‍්‍රහණය අත්කර ගත්තේ පන්දුවාර 49යි එක් පන්දුවකදීයි. විශිෂ්ට ඉණිමක් ක‍්‍රීඩා කළ පකිස්තානයේ බාබර් අසාම් නොදැවී ලකුණු 101ක් රැස් කළා.
ඒ අනුව නවසීලන්තය මෙවර තරගාවලියේදී තරගයක් පරාජයට පත්වූ පළමු අවස්ථාව මෙය වනවා. මෙම ජයග‍්‍රහණයත් සමග පාකිස්තාන කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 07ක් සමග ලෝක කුසලාන ප‍්‍රසාද ලකුණු සටහනේ 06වන ස්ථානයට පැමිණියා. ඒ ප‍්‍රසාද ලකුණු 06ක් ලබා සිටි ශ‍්‍රී ලංකාව 07වන ස්ථානය දක්වා ඇද දමමින්.


News Articles
Latest Videos
Most Popular Post