News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

අල්ලස් කොමිසමෙන් මහින්දානන්දට නඩු

540 Views


අල්ලස් කොමිසමෙන් මහින්දානන්දට නඩු

2014 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ස.තො.ස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදා හැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව මෙම අධිචෝදනා පත්‍රය අද(27) කොළඹ විශේෂ මහාධිකරණ අංක 02 හමුවේ ගොනු කරනු ලැබුවා .මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 26 දෙනෙකු නම්කර ඇති අතර නඩු භාණ්ඩ 15ක් ද නම් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post