News Line| Off Air
Generic placeholder image

Jun
27

එල්ලුම් ගහට එක්සත් රාජධානියේ විරෝධය

1054 Views


එල්ලුම් ගහට එක්සත් රාජධානියේ විරෝධය

මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සදහා තමන් මේවන විටත් අත්සන් තබා ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පල කරමින් සිටිනවා.

මේ සම්බන්ධයෙන් එකසත් රාජධානිය පවසන්නේ ශ්‍රී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් පල වන වාර්තා පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවයි. ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් රාජධානිය විරෝධය පල කරන බවයි. මන්ද මීට මාස 06කට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසිවාරයේදී මරණ දණ්ඩනය භාවිතා කිරිමට එරෙහි ගෝලීය තහනමට පක්ෂව ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කර ඇති බව අදාල නිවේදනයේ සදහන් කර තිබෙනවා.

ඒ අනුව එම ප්‍රතිපත්තිය ආපසු හැරවීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්ථාවරයට, සංචාරක කර්මාන්තයට සහ ව්‍යාපාර කටයුතුවලට ප්‍රතිගාමී පියවරක් වනු ඇති බව එක්සත් රාජධානීය පෙන්වා දුන්නා.
ඒ හේතුවෙන් මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරිම අත්හිටුවන ලෙස දිගින් දිගටම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කරන බවද එක්සත් රාජධානිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
එමෙන්ම ක්ෂමා සංවිධානය හෙවත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසන්නේද ශ්‍රී ලංකාවේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණයෙන් තම සංවිධානය කම්පනයට පත්ව සිටින බවයි.


News Articles
Latest Videos
Most Popular Post