News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් 20 දෙනෙකු රෝහලේ

574 Views


බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් 20 දෙනෙකු රෝහලේ

යටියන්තොට, සීපෝත් පාර, වී ඔය ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

යටියන්තොට පොලිසිය පැවසුවේ අද(27) උදෑසන 8.15ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි.

පැලැන්පිටිය සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් අනතුර සිදුව ඇති අතර බස්රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථයේ මගීන් 60 දෙනෙකු පමණ සිට ඇති අතර තුවාල ලැබූ 20 දෙනෙකු ප්‍රතිකාර සඳහා කරවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන යටියන්තොට පොලීසිය මගින් සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post