මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය දැඩිව හෙළා දකින බව ශ්‍රි ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය පෙන්වා දෙන්නේ මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීනව පැවති තහනම ආපසු හැරවීමට සළකා බැලීම සඳහා ශ්‍රි ලංකාව ගෙන ඇති පියවර පිළිබඳ කැනඩාව දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
මෙය මානව ගරුත්වයට නොගැළපෙන අතර ඒ තුළින් සිදුවන වැරදි සම්බන්ධයෙන් අධිකරණ පද්ධතියට නිදහස් විය නොහැකි බව ඔවුන් පවසනවා.
නීති විරෝධී මත්ද්‍රව්‍ය වෙළඳාමට එරෙහිව කටයුතු කිරීම වැදගත් සහ අවශ්‍ය වුවත් මරණීය දණ්ඩනය තුළින් එය වැළැක්විය හැකි බවට කිසිඳු සාක්ෂියක් නොමැති බව ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලය පවසන අතර සංචාරකයින් සහ ආයෝජන සඳහා සාමකාමී හා පිළිගැනීමේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීමට මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීම තුළින් නොහැකිවනු ඇති බව කැනඩාවේ අදහස වනවා.