News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයන් වැඩ වර්ජනයේ

536 Views


ගැසට් නිවේදනය නොතකා දුම්රිය සේවකයන්  වැඩ වර්ජනයේ

අතිවිශේෂ ගැසට් නිවේදනයකින් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප‍්‍රකාශයට පත් කළ ද සැලසුම් කළ පරිදි පැය 24ක සිය වැඩ වර්ජනය කි‍්‍රයාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. මෙලෙස ඉල්ලීම් කිිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට සංකේත වැඩ වර්ජනයක නිරත වනවා.
කෙසේ වෙතත් වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිතිවලින් සිය ඉදිරි කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් අදහස් විමසුවද එම නියෝජිතයින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නැහැ. වැඩ වර්ජනය ක්‍රියාත්මක වුවද කාර්යාල දුම්රිය 07ක් ධාවනයට එක් කිරීමට කටයුතු කළ බව එම දුමිරිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post