News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
28

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට පුළුවන්

1122 Views


දංකොටුව සති පොළේ  ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට පුළුවන්

දංකොටුව සති පොළේ ඕනෑම අයෙකුට වෙළඳාම් කිරීමට හැකියාවක් පවතින බව මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය අද තීන්දු කලා.
ඒ වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාවේ සභාපති නිකුත් කල තහනම් නියෝගය පිළිබද පැමිණිල්ල කැදවු අවස්ථාවේ දීයි.
මුස්ලිම් වෙළඳුන් පිරිසකට දංකොටුව සති පොලේ වෙළදාම් කළ නොහැකි බවට පවසමින් තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව පසුගිය 25 වනදා පොළීසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.
මේ පිළිබදව දංකොටුව පොලීසිය විසින් කරුණු වාර්තා කලේ මාරවිල අධිකරණයටයි.
ඒ අනුව වෙන්නප්පුව ප‍්‍රදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා ඇතුලූ 06 දෙනෙකුට අද අධිකරණය හමුවේ පෙනී සිට තහනම් නියෝගය සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අධිකරණය නියෝග කලා.


News Articles
Latest Videos
Most Popular Post