බලපත්‍රලාභී සුරා බදු බල ප්‍රදේශ හැර අන් සියලු පෙදෙස් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය මුක්ත කලාප බවට පත් කිරීම සඳහා සුරා බදු දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.
ජනාධිපතිවරයා විසින් හඳුන්වා දී ඇති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව මෙම සතිය තුළ සහ ඊට ආසන්න කාල සීමාව තුළ මෙම වැඩපිළවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ යටතේ සිය බල ප්‍රදේශවල විශේෂ වැටලීම් කටයුතු මෙන් ම මුර සංචාර සිදු කරන ලෙස ද සුරා බදු කොමසාරිස් ජනරාල් විසින් එහි නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.
මීට අමතරව නීත්‍යානූකූල මත්පැන් බෙදා හැරීමේ හා විකිණීමේ කටයුතු විධිමත්ව සිදුවන බව නිරීක්ෂණය කෙරෙන අතර, බලපත්‍ර කොන්දේසි කඩ කරනු ලබන සුරාබදු බලපත් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් විධිවිධාන යොදා ඇති බව සදහන්.
එමෙන්ම සමස්ත දිවයිනම ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය භාවිතයේ අහිතකර බලපෑම් පිළිබඳ දැනුම්වත් කිරීම් පාසල්, දහම් පාසල්, වැඩබිම් සහ ස්වේච්ඡා සංවිධාන ආශ්‍රිතව සිදු කෙරෙනු ඇති බව සදහන්.
නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනුවෙන් පැවැත්වෙන් මෙම විශේෂ වැඩපිළිවෙළට මහජන සහය ද අපේක්ෂා කරන අතර නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකතන අංක දෙකක් ප්‍රකාශයට පත් කර ඇති බවත් තොරතුරු දැනුම් දෙන්නන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කිරීමට විශේෂයෙන් කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
011 2 045 077/78 යන දුරකතන අංක ඔස්සේ එම තොරතුරු ලබා දිය හැකි අතර ජූලි මස 01 දා දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා.