News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක්

761 Views


ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක්

වවුනියාව, ඕමන්ත ඉලයමරදන්කුලම ප්‍රදේශයේ කැළෑවක් තුළ තිබී බ්ම් බෝම්බ පුරවන ලද බෑගයක් අද (29) උදැසන වවුනියාව ඕමන්ත පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

බිම් බෝම්බ 25 ක පමණ ප්‍රමාණයක් අදාළ බෑගය තුළ තිබී ඇති අතර බෑගය ආසන්නයේ ආර්.පි.ජි. උණ්ඩයක්ද තිබී ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

පොලීසිය වෙත ලද තොරතුරක් මත අදාළ පුපුරණ ද්‍රව්‍ය ‍සොයා ගැනීමට හැකිව ඇති අතර, සොයාගත් බෝම්බ සම්බන්ධයෙන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ දැනුවත් කොට තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් බෝම්බ නිශ්ක්‍රීය කිරීමට නියමිත බවද පොලීසිය ප්‍රකාශ කර ඇති අතර පසුගිය යුධ සමයේ එල්.ටී.ටී සංවිධානය නැවත ලබා ගැනීමේ අරමුණින් සඟවා ගිය බෝම්බ තොගයක් එලෙස හමුවන්නට ඇති බව පොලීසිය සැක පල කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post