ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු ජාතික යුවළක් ළග තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර මොවුන් වයස අවුරුදු 55 සහ 45 යන සීමා වල පසුවන්නන් වන අතර ඔවුන් එරට ප්‍රධාන පෙළේ විදේශ මුදල් හුවමාරු ආයතනයක හිමිකරුවන් බවද සදහන්.
මාල සහ පෙන්ඩන්ට් වැඩි වශයෙන් තිබූ මෙම ස්වර්ණාභරණ තොගය පිළිබඳව, කල් ඇතිව රේගු නිලධාරීන් වෙත තොරතුරු ලැබී තිබූ බවද , ඔවුන්ව ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගැනීම සිදු කළ බවද පැවසෙනවා. මෙම සිදු වීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුව විසින් සිදු සිදු කරනු ලබනවා.