News Line| Off Air
Generic placeholder image

Jun
29

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

525 Views


දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කළ පැය 24ක වැඩවර්ජනය ඊයේ (28) මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් වුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වන බවයි දුමිරිය පාලක මැදිරිය පැවසුවේ.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය ඉකුත් දා කටයුතු කළද එය ද නොතකමින් දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරනු ලැබුවා.

දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබියදීත් මෙලෙස වැඩ වර්ජනයේ නිරත වීම නීති විරෝධී බවත් ඒ අනුව ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකශ කළා.
ඉදිරියේදී මෙලෙස ජනතාව අපහසුතාවයට පත් කරමින් වැඩ වර්ජනය සිදු කළහොත් ඉන්දියාවෙන් හෝ දුම්රිය රියදුරන් ගෙන්වා වැඩවර්ජනවලට මුහුණ දෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post