News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
29

මාතලේ නීති කමිටු නිලධාරින්ට මැර ප්‍රහාරයක්

653 Views


මාතලේ නීති කමිටු නිලධාරින්ට මැර ප්‍රහාරයක්

මාතලේ ඇටිපොල කන්ද ආශ‍්‍රිතව පවත්වා ගෙන යන මිනිරන් පතල් කර්මාන්තය හේතුවෙන් සිදුවන පාරිසරික හා සමාජීය ගැටළු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මාතලේ දිස්ත‍්‍රික් නීති කමිටු නිළධාරීන්ට මැර ප‍්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
එම ප‍්‍රදේශයේ බලපත‍්‍ර ලබාගත් මිනිරන් පතල් තුනක් ඇති අතර අනවසරයෙන් කැනීම් කරන තවත් පතල් හයක් ඇති බවට ගම්වාසීන් හා පරිසරවේදීන් ලබාදුන් තොරතුරු සොයා බැලීම නිරීක්ෂණ චාරිකාවේ අරමුණවී තිබුණා.
මෙම චාරිකාවට මාතලේ දිස්ත‍්‍රික් පරිසර නීති කමිටුවේ නිලධාරීන් මෙන්ම ගම්වසින්ද එක්ව සිටි බවයි සියත ප‍්‍ර‍්‍රදේශීය වාර්තාකර සඳහන් කළේ.
ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන් කැනීම් පරිශ‍්‍ර භූමියට ඇතුල්වීමටඋත්සහා කිරීමේදී පතල්කරුවන් පිරිසක් පොලූ මුගුරු රැගෙන මරණිය තර්ජන කරමින් බාධා එල්ලකර තිබෙනවා.
පහරදීම හේතුවෙන්ගම්වැසියෙකු තුවාල ලබා යටවත්ත රෝහලට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක‍්‍රියාත්මකයි.

 


News Articles
Latest Videos
Most Popular Post