ඇමති ආරක්ෂක කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත සිසිර අබේසේකරගේ වැඩිමහල් පුත‍්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
26 හැවිරිදි ඉෂාන් චතුරංග අබේසේකර නැමැති ඔහු අද පෙරවරුවේ හලාවත පොලීසියට භාර වීමෙන් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
පසුගියදා මන්ත‍්‍රීවරයාගේ නිවසේ ආරක්ෂක රාජකාරියේ යෙදි සිටි අදාළ පොලිස් කොස්තාපල්වරයා සමඟ ඇති වු බහින්බස්වීමක් දුරදිගයාමෙන් මනත‍්‍රීවරයාගේ පුත‍්‍රයා විසින් පොලිස් නිලධාරියාට මුගුරකින් පහර දී තිබෙන අතර ඔහුගේ පහරදීමෙන් තුවාල ලැබු කොස්තාපල්වරයා මේ වනවිටත් හලාවත මහා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.