News Line| Off Air
Generic placeholder image

Jul
1

ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලූම කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක්

565 Views


ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලූම කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක්

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන සියලූම කලාකරුවන්ට විශේෂ හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
මෙම හැඳුනුම්පත නිකුත් කිරීමට පෙර අදාළ කලාකරුවා තමන් පදිංචි ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරී මගින් පදිංචිය සනාථ කළ ලිපියක් ලබා ගෙන එය ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර පොලිස් වාර්තාවක් ලබා ගත යුතුයි.
පොලීසිය මගින් නිසි පරීක්ෂාවකින් පසු නිකුත් කරන පොලිස් සහතිකය මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වීමට අදාළ හැඳුනුම්පත නිකුත් කරනු ලබනවා.
මහනුවර ඇසැළ පෙරහැර මංගල්‍යය සඳහා ශ‍්‍රී දළදා මාලිගාව සහ නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සතර මහ දේවාළ නියෝජනය කරමින් කලාකරුවන් 1500 ක පමණ පිරිසක් සහභාගි වීමට නියමිතයි.
මෙම කලාකරුවන්ට අමතරව අලි ඇතුන් සමඟ පෙරහැරේ ගමන් ගන්නා ඇත්ගොව්වන්ටද අදාළ හැඳුනුම්පත අනිවාර්ය කර තිබෙනවා.
මෙම පියවර ගෙන ඇත්තේ පාස්කු ප‍්‍රහාරයත් සමඟ රටේ ඇතිවූ තත්ත්වය සැලකිල්ලට ගනිමින්.
විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ මෙවර මහනුවර ඇසැළ පෙරහැර සංවිධානය පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post