News Line| Off Air
Generic placeholder image

Jul
1

කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති බව ජනාධිපති කියයි

616 Views


කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වී ඇති බව ජනාධිපති කියයි

මේ වන විට ලංකාව මුහුණ දී ඇති නවතම අභියෝගය වන්නේ කාන්තාවන් වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය සඳහා යොමු වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

අද(01) උදෑසන කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ පැවති මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහටනේ අවසන් දින උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.

පසුගිය කාලයේ බියර් සඳහා වු මිල ගණන් විශාල වශයෙන් අඩු කළ බවද ඒ නිසාවෙන් වතුර බෝතල්වලට වඩා බියර් බෝතල් ලාබ වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

අනෙක් මත්ද්‍රව්‍ය සඳහා යොමු වන්නේ ද මෙවැනි පානයන් තුළින් බව කියා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, මත්ද්‍රව්‍ය හේතුවෙන් වසරකට 50000 කට අධික ප්‍රමාණයක් බන්ධනාගාර ගත වන බවද පැවසුවා.

එයින් සෑහෙන පිරිසක් කාන්තාවන් වන බව ද පැවසු ජනාධිපතිවරයා, රට තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බිලියන 50කට අධික ප්‍රමාණයක් ඇති බව සඳහන් කළා.

මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රධාන වශයෙන් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් නොමිලේ මත්ද්‍රව්‍ය බෙදා හරින බව පැවසු ජනාධිපතිවරයා, කොළඹ ඇතුළු සියලු රජයේ හා ජාත්‍යන්තර පාසල්වලත් විශ්වවිද්‍යාල ප්‍රජාව තුළත් මෙම ප්‍රවණතාවය දක්නට ඇති බව පැවසුවා.

අපි ඉතිහාසයේ ජයග්‍රහණ ගැන කථා කර ඉතිහාස මතකයන් තුළින් සතුටු වන ජාතියක් බවත් අද කරන දේවල් ගැන සතුටු වීමට ප්‍රමාණවත් නොවන බවත් ජනධිපතිතුමා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post