ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින මහා සමුළුව මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණු බව වාර්තා වෙනවා. .ජුනි 26 වන දිනට යෙදුණු මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධි ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ මඟ පෙන්වීමෙන් පාසල් දරුවන් විශ්වවිද්‍යාල සහ වෘත්තිය අධ්‍යාපනය ලබන සිසුන් මෙන්ම පොදු ජනතාව ඉලක්ක කර මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාවට නංවා තිබුණු අතර එහි අවසන් දිනය අදයි. එදිනට සමගාමිව මෙම සමුළුව පැවැත්වෙනවා.
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුල පාගමන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්‍රණ, දේශන, චිත්‍ර සහ පෝස්ටර් තරඟ ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවුණු අතර ඊට ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.