ජාතික භාෂා සතිය අදින් (01) ආරම්භ වනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ද පිළිගෙන ඇතත් තවමත් සැබෑ ලෙස ක‍්‍රියාත්මක නොවන ජාතික භාෂා ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා පොළඹවාලීමක් ඇති කිරීමේ අදහසින් මෙම සතිය ප‍්‍රකාශයට පත් කෙරුණු බව අමාත්‍ය මනෝ ගනේෂන් සදහන් කළා.
ජාතික භාෂා සතිය වෙනුවෙන් සංවිධාන කෙරුණු පළමු උත්සවය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. දෙවන උත්සවය කොළඹ ඉසිපතන විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
03 වන දිනය මහජන දිනය ලෙස නම් කර ඇති අතර එදින කොළඹ කොටුව ප‍්‍රදේශයේ විවිධ ක‍්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතයි.
ජාතික භාෂා සතියේ 04 වන දිනය නම් කර ඇත්තේ යොවුන් දිනය ලෙසයි. එදින අපේගම පරිශ‍්‍රයේ විවිධ ක‍්‍රියාකාරකම් සිදු කෙරෙනවා. අවසන් දිනයේ දී ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී කතිකාවක් පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම ක‍්‍රියාකාරකම් සඳහා විදේශ නියෝජිතයන් ද සහභාගී වන බව අමාත්‍ය මනෝ ගනේෂන් වැඩිදුරටත් පැවසුවා.
අමෙරිකානු රජයෙන්, කැනේඩියානු රජයෙන් සහ යුරෝපා සංගමයෙන් මේ සඳහා ආධාර ලැබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.