News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

දිවයින වටා වැසි රහිත කාලගුණයක්

444 Views


දිවයින වටා වැසි රහිත කාලගුණයක්

සබරගමුව පළාතේ වැසිවාර කිහිපයක් හැරුණු විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා තරමක් තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරනවා.

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැකි අතර මෙම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමට ඉඩ ඇති නිසා ධිවර සහ නාවික කටයුතු යෙදෙන ජනතාව මේ පිළිබද අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යදෙපාර්තුමේන්තුව ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post