News Line| Off Air
Generic placeholder image

Jul
1

මරණ දඬුවමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

567 Views


මරණ දඬුවමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 10ක් ශ්‍රේෂ්ඨාධිකරණයට

මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බව ප්‍රකාශ කරමින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 10 ක් ඉදිරිපත් කර තිබෙනවා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මහාචාර්ය සී. ගුණරත්න, ආචාර්ය කේ සේනාරත්න සහ දැනට වැලිකඩ බන්ධනාගාරය තුළ මරණීය දණ්ඩනය ලබා සිටින සිරකරුවන් කිහිප දෙනෙකු ද සිය නීතිඥවරු මාර්ගයේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති බව සදහන්.

ඒවායේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යවරිය, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, වැලිකඩ බන්ධනාගාර අධිකාරි ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මරණීය දණ්ඩනය ලබා සිටින විත්තිකරුවන් අතුරින් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් පමණක් තෝරාගෙන එම දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය තුළින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමේ මූලික අයිතිය උල්ලංඝනය වන බවයි.

ඒ අනුව එම දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post