2019 අයවැයෙන් යෝජනා කෙරුණු පරිදි රාජ්‍ය සේවක වැටුපට අද (01) සිට තවත් දීමනාවක් එක්වන අතර ඒ අනුව ලක්ෂ 11ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට රුපියල් 2,500ක අන්තර්කාලීන දීමනාවක් අද සිට හිමිවන බව මුදල් අමාත්‍යංශය පවසනවා. මේ සඳහා රජය වැය කෙරෙන මුදල රුපියල් මිලියන 20,000ක් පමණ වෙනවා. විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද අද සිට ක‍්‍රියාත්මක වන අතර ඒ අනුව 2015 දෙසැම්බර් 31 වැනිදාට පෙර විශ‍්‍රාම ගිය ලක්ෂ 05ක් පමණ වන විශ‍්‍රාමිකයින්ට රුපියල් 2,800ක අවමයක සිට රුපියල් 20,000ක උපරිමයක් දක්වා විශ‍්‍රාම වැටුප ඉහළ නැංවෙනු ඇති බව වාර්තා වෙනවා. මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12,000කි.
එමෙන්ම ත‍්‍රිවිධ හමුදා නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ගෙවනු ලබන දීමනා ද අද සිට වැඩි කෙරන අතර ඒ අනුව සියලූ ත‍්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ගෙවල් කුලී දීමනාව දෙගුණ කෙරෙන බවත් යුද, නාවික හා ගුවන් හමුදා සේවයේ සමාන නිලධාරීන්ගේ රුපියල් දහසක කමාන්ඩෝ දීමනාව ද අද සිට රුපියල් 5,000ක් දක්වා වැඩි කෙරෙනවා. රජය මේ වෙනුවෙන් වැය කරන මුදල රුපියල් මිලියන 1,175ක පමණ වනවා.
එමෙන්ම විශ‍්‍රාමිකයන්ගේ විශ‍්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ අයවැය යෝජනාව ද අද සිට ක‍්‍රියාත්මක වන අතර ඒ අනුව 2015 දෙසැම්බර් 31 වැනිදාට පෙර විශ‍්‍රාම ගිය ලක්ෂ 05ක් පමණ වන විශ‍්‍රාමිකයින්ට රුපියල් 2,800ක අවමයක සිට රුපියල් 20,000ක උපරිමයක් දක්වා විශ‍්‍රාම වැටුප ඉහළ නැංවෙන අතර මේ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 12,000ක්
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ මාසික දීමනාව රුපියල් 2000 සිට රුපියල් 5,000ක් දක්වා වැඩි කිරීමේ අයවැය යෝජනාව ද අද සිට ක‍්‍රියාත්මක බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ. නිධන්ගත වකුගඩු රෝගීන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 5,000ක මාසික දීමනාව තවත් 5,000ක් සඳහා ලබාදීමද අද සිට සිදු කරන බවයි මුදල් අමාත්‍යංශය වැඩිදුරටත් පවසනවා.