News Line| Off Air
Generic placeholder image

Jul
1

ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරයට සුදානම් – පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම විදේශිකයින් පිරිස අද දිවයිනට

420 Views


ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරයට සුදානම් – පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම විදේශිකයින් පිරිස අද දිවයිනට

පසුගිය අප්‍රේල් 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක එල්ල වු බෝම්බ පිපිරීම්වලින් පසුව ලංකාවට පැමිණි වැඩිම විදේශිකයින් පිරිස අද(01) උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

ප්‍රහාරයන්ගෙන් පසුව විදේශිකයින්ගේ පැමිණීම ඉතා ඉක්මනින් පහල වැටුණ අතර අද උදෑසන මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ චීන ජාතිකයින් පිරිසක්.

තැඹිලි හොලිඩේ නැමති ආයතනය විසින් මෙම පිරිස ලංකාවට ගෙන්වීම සඳහා මුලිකත්වය ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත් එහි සාමාන්‍යාධිකාරී තිමිර දුලාජ් රාජරත්න මහතා කියා සිටියේ, ප්‍රහාරයෙන් පසුව එකවර ලංකාවට ගෙන්වන ලද වැඩිම විදේශිකයින් ගණන මෙය බවයි.

මෙම පිරිස අතර චීන ජාතික ඒජන්තවරුන් ද සිටින බව පැවසු සාමාන්‍යාධිකාරීවරයා, චීන සංචාරක ව්‍යාපාරය අනෙක් ව්‍යාපාරය හා වෙනසක් ඇති බව ද පැවසුවා.

ඒ අනුව ඔවුන්ගේ මනසට දැන් ලංකාව නැවතත් සංචාරක ව්‍යාපාරයට සුදානම් බව තහවුරු කර ඇතැයි ද ඔවුන් හරහා මෙම පණිවඩය ලෝකයට ගෙන යෑමට සුදානම් බවද තිමිර දුලාජ් මහතා කියා සිටියා.

මෙම පිරිස දින 7 ක කාලයක් ලංකාව තුළ සිටිමට නියමිත අතර ඔවුන් දිවයින පුරා සංචාරයේ නියැලීමට බලාපොරොත්තු වනවා.

එමෙන්ම ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඇති ස්ථානය ගැන නැවතත් ලෝකය හමුවට ගෙන යෑමට ඔවුන් සුදානම්.


News Articles
Latest Videos
Most Popular Post