News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
1

ශරියා විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් රතන හිමිගෙන් ප්‍රකාශයක්

629 Views


ශරියා විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් රතන හිමිගෙන් ප්‍රකාශයක්

මඩකලපුව පෞද්ගලික විශ්විවිද්‍යාලය සම්බන්ධයෙන් රැස්කර ගත් තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වැඩම කරනු ලැබුවා.

එමෙන්ම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබා ගත් තොරතුරු මෙලෙස අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇති අතර, මෙම විශ්වවිද්‍යාලය හිටපු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා සහ ඔහුගේ පවුලේ අයගේ ආයතනයක් බව ද රතන හිමියන් සදහන් කළා.
ඒ අනුව මෙම ආයතනය සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලයෙන්, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ලේඛකයින් සහ වෙනත් ආයතනවලින් ලබා ගන්නා ලද සියලු තොරතුරු අද මුල්‍ය අපරාධ කොට්ඨාසයට බාර දුන් බවයි එහිදී රතන හිමියන් වැඩිදුරටත් කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post