News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ජනපතිට ජීවිත තර්ජන

958 Views


ජනපතිට ජීවිත තර්ජන

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව දියත් කර තිබෙන වැඩපිලිවෙල හේතුවෙන් තමන්ට ජිවිත තර්ජන එල්ලවී ඇති බව මහවැලි ඉඩම් ඔප්පු බෙදා දීම සඳහා පොළොන්නරුවේදී අද (02) සවස පැවැත්වෙන උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකශ කළා.

ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ එල්ලවී ඇති ජිවිත තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තමන්ව දැනුවත් කරනු ලැබූ බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව වරදකරුවන් බවට පත්ව සිටින සිව්දෙනෙකුට මරණ දඬුවම පැනවීමට අදාළ නියෝගයන් වෙත තමන් අත්සන් තැබූ බැවින් ඊට විරුද්ධව මෙලෙස ජිවිත තර්ජන එල්ල වන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post