News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයාට ඇප

454 Views


ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයාට ඇප

ජනාධිපති අරමුදලේ දත්ත ගබඩාවට අනවසරයෙන් ඇතුළු වීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු තාක්ෂණ නිලධාරීවරයා රුපියල් 10,000ක මුදලක් සහ රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තනූජා ජයතුංග මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

අත්‍යවශ්‍ය සහ රහසිගත තොරතුරු සහිත කිසිදු ජාලයක් වෙත කිසිදු ආකාරයෙන් සම්බන්ධ නොවන ලෙසත්, සාක්ෂිකරුවන්ට බාධා නොකරන ලෙසත් සැකකරුට මහේස්ත‍්‍රාත්වරිය විසින් ඇප කොන්දේසි පනවා තිබෙනවා.

සෑම ඉරුදිනකම පෙරවරු 9 .00 ත් මධ්‍යහන 12 .00 ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට ද මෙහිදී සැකකරුට නියෝග කලා.


News Articles
Latest Videos
Most Popular Post