News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

දුම්වැටි භාවිතය නිසා ඇති වන තවත් හානියක්

879 Views


දුම්වැටි භාවිතය නිසා  ඇති වන තවත්  හානියක්

බි‍්‍රතාන්‍ය සිදු කළ නවතම සමීක්ෂණයකින් දුම්බීම හේතුවෙන් මිනිසාගේ පෙනහළුවලට මෙන්ම දෑසට ද හානි සිදුවන බව අනාවරණ වී තිබෙනවා.

එමගින් අනාවරණ වී ඇත්තේ දුම් බීමට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ගේ පෙනීමේ හැකියාව දැඩි ලෙස අවදානමකට ලක්වන බවයි. ඒ අනුව දුම් නොබොන පුද්ගලයෙකු හා සැසඳීමේ දී දුම් බොන පුද්ගලයෙකුගේ පෙනීමේ හැකියාව දෙගුණයකින් අඩුවිය හැකි බවද මෙමගින් තහවුරු වී තිබෙනවා.

සිගරට් දුමෙහි අඩංගු විෂ රසායනික හේතුවෙන් මිනිස් ඇසෙහි ඇති ස්වභාවයට හානි සිදුවන බව සමීක්ෂණය සිදු කළ පිරිස් පෙන්වා දී ඇතැයි විදෙස් මාධ්‍යය සදහන් කරනවා.
මෙම සමීක්ෂණය වැඩිහිටි පුද්ගලයින් 2000කට වැඩි පිරිසක් යොදා ගනිමින් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post