News Line| Off Air
Generic placeholder image

Jul
2

පොලිස්පතිත් පොලිස් රෝහලට

591 Views


පොලිස්පතිත් පොලිස් රෝහලට

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නාරහෙන්පිට පිහිටි පොලිස් රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණා.

පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබුණු හෙයින් ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබුණ ද ඊයේ දිනය වන තෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නීතිපතිවරයා විසින් කරුණු විමසීම සදහා යළිත් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ යළි ලිපියක් යොමුකරමින් දක්වා තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තා කර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post