News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියකගේ ගිණුමකට පන්කෝටි පනස් ලක්ෂයක්

815 Views


පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරියකගේ ගිණුමකට පන්කෝටි පනස් ලක්ෂයක්

පෞද්ගලික ඉදිකිරීම් ආයතන 3ක අධ්‍යක්ෂවරියක් වූ කිදෙර් මොහොමඩ් සහබ්දීන් අයිෂා නැමති කාන්තාවගේ පෞද්ගලික බැංකු ගිණුමකට බැර වූ රුපියල් පන් කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් සැක කටයුතු ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ දැනුම් දීමක් මත මෙලෙස පරීක්ෂණ ආරම්භ කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කරුණු ඉදිරිපත් කරමින් එම කොට්ඨාශය දැනුම් දුන්නා.

කොළඹ – 7, බෞද්ධාලෝක මාවත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට අයත් බැංකු ගිණුමකට මූල්‍ය ආයතනයකින් නිකුත් කරන ලද චෙක්පත් මගින් රුපියල් පන්කෝටි පනස් ලක්ෂයක මුදලක් බැර කරවා එය අවස්ථා කිහිපයකදී සැක කටයුතු ලෙස ලබාගෙන ඇති බව සඳහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post