News Line| Off Air
Generic placeholder image

Jul
2

බලපත්‍ර නොමැතිව බස්රථ ධාවනය සදහා දඩය ලක්ෂ 5ක් දක්වා ඉහලට

560 Views


බලපත්‍ර නොමැතිව බස්රථ ධාවනය සදහා දඩය ලක්ෂ 5ක් දක්වා ඉහලට

බලපත්‍ර නොමැතිව ධාවනය කරන අන්තර් පළාත් මගී ප්‍රවාහන බස්රථ සඳහා මේ වන විට පනවා ඇති දඩය රුපියල් දෙලක්ෂ පනස් දහසක් වන අතර එය රුපියල් ලක්ෂ 5ක් දක්වා වැඩි කිරීමට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ජනක මල්ලිමාරච්චි තීරණය කර තිබෙනවා.

ඔහු පැවසුවේ දැනට අන්තර් පළාත් මාර්ග බලපත්‍ර නොමැතිව බස්රථ 200ක් පමණ ධාවනය වන බවයි.

මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යන ආකාරය පෙනෙන්නට ඇති බවද ඒ අනුව මෙලෙස දඩ මුදල වැඩි කිරීමට තීරණය කළ බවද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා. ඉදිරියේදී අදාල තීරණය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post