මෙම වසරේ පළමු මාස 4 තුළ වැඩිම ණය ප්‍රමාණයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකාව සමග ගිවිසුම් ගෙන ඇත්තේ චීනයයි.
කාර්තුව තුළ රජය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් ලබා ගැනීම සඳහා ණය ගිවිසුම් 19කට එළඹුණා. ඉන් ඩොලර් මිලියන 989.5ක් දෙනු ලබන්නේ චීනයයි.
එමෙන්ම, මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකාව ගිවිස ගත් ණය ප්‍රමාණය පෙර වසරේ එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 266.2ක වැඩිවීමක් තිබෙන අතර වසරේ මුල් මාස 4 තුළ ශ්‍රී ලංකාවට ප්‍රදානයන් ලෙස ද ඇමරිකානු ඩොලර් මිලියන 8ක් හිමි වුණා.