News Line| Off Air
Generic placeholder image

Jul
2

සිර දඩුවම් නියම වු හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප

431 Views


සිර දඩුවම් නියම වු හිටපු නියෝජ්‍ය පොලිස්පතිට ඇප

ග්‍රාම ආරක්ෂක නිලධාරින් පිරිසක් සිය පෞද්ගලික නිවසේ ඉදිකිරිම් සදහා යෙදවිම සම්බන්ධයෙන් වසර තුනක සිර දඩුවම් නියම වු හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතා ඇප මත මුදාහැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ ඔහු ගොනුකළ ඇප අයදුම් පත සලකා බැලීමෙන් අනතුරුව බව පැවසෙනවා. අල්ලස් කොමිසම විසින් චෝද්නා 15 ක් යටතේ සැකකරුට එරෙහිව නඩු පවරා තිබු අතර එයින් චෝදනා 06 කට වරදකරු ලෙස ඔප්පු වීම නිසා අද උදෑසන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මොහුට වසර 03 සිර දඩුවමක් සහ ලක්ෂ 03 ක දඩ මුදලක් නියම කරනු ලැබුවා.
පසුව ඔහු විසින් ඇප අයදුම්පතක් එම අධිකරණයටම ගොනු කල අතර එය සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලක්ෂ 02 බැගින් වු ශරිර ඇප දෙකක් මත මුදාහැරිමට නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post