News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

14 හැවිරිදි පාසල් සිසුවෙක් දුම්රියක ගැටී මරුට

492 Views


14 හැවිරිදි පාසල් සිසුවෙක්  දුම්රියක ගැටී මරුට

කිලිනොච්චිය, පරන්තන් ප්‍රදේශයේදී ඊයේ(01) රාත්‍රියේ දුම්රියක ගැටී 14 හැවිරිදි පාසල් සිසුවෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඊයේ(01) රාත්‍රියේ යාපනය සිට කොළඹ බලා ධාවනය වු රාත්‍රි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පැවසෙනවා.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය හා පරන්තන් දුම්රිය ස්ථාන අතරමැද ප්‍රදේශයේදී 14 හැවිරිදි රාජෙශ්වරන් ලදූෂන් නමැති දරුවෙකු මෙලෙස මියගොස් තිබෙන බවයි.

අනතුරට පත් දරුවා අනතුර සිදුවු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව ඇති අතර, මළ සිරුර කිලිනොච්චිය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


News Articles
Latest Videos
Most Popular Post