News Line| Off Air
Generic placeholder image

Jul
3

ඉන්දියාව පරාජය කරලා පස්වැනි තැනට එනවා – ධනංජය ද සිල්වා

1189 Views


ඉන්දියාව පරාජය කරලා පස්වැනි තැනට එනවා – ධනංජය ද සිල්වා

සෑම තරගයක්ම පරාජය කිරිමට උත්සහ කළ ද අවසන් පුර්ව වටයට පැමිණිමට නොහැකි වුවත් පස්වැනි තැනට හෝ පත්වීමට බලාපොරොත්තු වන බව තුන් ඉරියව් ක්‍රිඩක ධනංජය ද සිල්වා පවසනවා. ” අපි හැම තරගයක්ම ජයගන්න උත්සහ කළා.නමුත් දැන් අපිට අවසන් පුර්ව තරගයට එන්නට බැරි තත්වයක් තියෙන්නේ. පස්වැනි තැනට පත් වෙන්න පුළුවන්. එ නිසා ඉන්දියාව පරාජය කරලා පස්වැනි තැනට පත්වෙන්න උත්සහ කරනවා.යනුවෙන් ඔහු ප්‍රකාශ කලා.
එ අනුව මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගවලියේ ශ්‍රි ලංකාව සහභාගි වු තරග අටෙන් තරග 03 ක් ජයගෙන ඇති අතර ජය පරාජයෙන් තොරව තරග 02ක් අවසන් වුණා.තරග 03 ක් පරාජයට පත් වුණු ශ්‍රි ලංකා කණ්ඩායම සහභාගි වන අවසන් තරගය ලබන සෙනසුරාදා ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post