News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහැර අද

1392 Views


කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහැර අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ, පළමු පෙරහර අද රාත‍්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි.
සධාතකු කරඬුව හස්තිරාජයාගේ පිට තැන්පත් කර අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ආරම්භ වන පෙරහර අෂ්ටඵල බෝධිය වටා මහා දේවාලය පිටුපසින් ප‍්‍රදක්ෂිණා කර ප‍්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටත් වනු ඇති. පෙරහර ප‍්‍රධාන වීදිය ඔස්සේ වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කරනු ලබනවා.

මෙහිදී චිරාගත පුද සිරිත් ඉටු කිරීමෙන් පසු එම වීදිය ඔස්සේම ශ‍්‍රී අභිනවාරාම විහාරස්ථානය බස්නායක නිලමේ කාර්යාලය අභියසින් මහා දේවාලය වෙත ගෙවැදීමෙන් පසු පෙරහර නිමා වීමට නියමිතයි.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව පවත්වනු ලබන ඇසළ පෙරහර හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මකයි.

කතරගම ප‍්‍රදේශයේ පාසල් 05 ක් අද සිට 17 වනදා දක්වා වසා තැබීමට ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post